2020/09/17

අද මේ වැඩක් කර කර ඉන්නකොට මතක් වුනා මටත් බ්ලොග් එකක් තිබ්බා නේද කියලා. ඉතින හිතට ආපු අදහස් ටිකක් කියලා යන්නයි ආවෙ. 

කාටද මතක දැන් Blog ගැන? එතකොට Blog Syndicator ගැන?  දැන් ඉන්න අළුත් පරම්පරාව නම් මේ ගැන වැඩිය දන්නෙ නැතිව ඇති. දැන් ඉතින් youtube, Facebook තමා වැඩි හරියක් යන තැන. ඉස්සර නම් අපි සිංහලින් තියන බ්ලොග් එකක් කියවලා තමා ගොඩක් දැනුම ලබා ගත්තෙ. 

2007 නොවැම්බර් 17 වෙනිදා තමා මම මුලින්ම සිංහල බ්ලොග් අඩවියක් දකින්නෙ. ඉතින් එදා සිංහලින් දැක්ක බ්ලොග් අඩවිය නිසා මටත් ඕන උනා සිංහලින් බ්ලොග් එකක් කරන්න. ඉතින් සිංහලින් ටයිප් කරන්න Unicode තියනව කියලාත් මට අන්තර්ජාලයෙන්ම දැන ගන්න ලැබුනා. SLT CDMA phone එකට cable එකක් ගහගෙන, එදාම පටන් ගත්තා මගේ බ්ලොග් එක. dialup එකකින් ගිහින් තමා මට මෙ හැමදෙයක්ම ඉගෙන ගන්න ලැබුනෙ.

ඉතින් ඔය විදියට අන්තර්ජාලය ලංකාව ඇතුලෙ වැඩිදියුණු වෙද්දි සිංහල බ්ලොග්, සිංහල වෙබ් සයිට් ටික ටික වැඩිවුනා. බ්ලොග් අඩවි හොයාගන්න ලේසි වෙන්න Blog Syndicator අඩවිත් ආවා. ඉතිත් ඊට පස්සෙ අන්තර්ජලයේ වේගය වැඩිවෙන්න වැඩිවෙන්න කට්ටිය blog වලින් youtube, Facebook වලට මාරුවෙන්න ගත්තා. බලන් ඉද්දිම කට්ටිය කම්මැලි වුනා. 

ඒ දවස් වල තිබ්බ ප්‍රසිද්ධම social media එක තමා hi5.com. ඊට පස්සෙ facebook ආවට පස්සෙ ඔක්කොම ඒකට මාරුවුනා. බ්ලොග් වල දාන ඒවා facebook note වල දාන්න ගත්තා.දැන් කාලෙනම් ඉතින් whatsapp, viber වගේ කීයක් ජාති තියනවද.

hi5.com


මම මුලින්ම චැට් කරන සයිට් එකකට හම්බුනෙ onlanka.com chat එක. ඔකෙන් තමා මම මුලින්ම චැට් කලේ. ඊට පස්සෙ yahoo messenger එකෙන් public chat එකට join වෙලා බැලුවා. ඒකෙ වැඩි හරියක් ඉන්නෙ පිටරට එවුන්. ඒකෙ ඉන්න හැම එකාම කතා කරනවා නිකන් මාළු මාකට් එක වගේ.

එතකොට ඒකාලෙ මම දැකපු වෙබ් සයිට් තිබ්බෙ kaputa.com, gallezone.com, slwave.com, ananmanan.com,elakiri.com වගේ ඒවා තමයි.

kaputa.com එකේ mouse pointer එක පස්සෙන් යන  කපුටො ටික තාම මතකයි තාමත් ඒ kaputa.com සයිට් එක වැඩ. ගිහින් බලන්න දැකලා නැති අය. 😂😂




දැන්  නම් මේ  වගේ ටයිප් කරන්න ඕනෙත් නෑ, වොයිස් එකින් කියන එක Text කරන විධිත් දැන් තියන නිසා. කොහොම කොහොම හරි මමත් බ්ලොග් වලින් youtube වලට ආවා. youtube වලින් podcast වලට ආවා. දැන් ඉතින් මුකුත් update කරන්නෙ නෑ. 😂😂. 

මම download කරපු පලවෙනි Video Song එක තමා ඔබ එක්වෙනවාදෝ - centigrade සිංදුව. මම download accelerator plus කියන software එක දාගෙන රෑ 10-11 ඉදන් පාන්දර 3-4 වෙනකන් ඒක download කලා. හිතාගන්නකෝ එතකොට speed එක internet එකේ. රෑ 10 හරි 11 හරි ඉදන් පහුවදා 6 වෙනකල් internet වලට යන ගාන සාපේක්ශව අඩුයි. ඒක නිසා ඒ වෙලාවට තමා අපි internet යන්නෙ.

අද වෙනකොට සිංහලින් තියන youtube චැනල් විශාල ප්‍රමානයක් තියන එකත් සතුටට කරුනක්. ඒ වගේම podcast එහෙමත් ගොඩක් තියනවා. දැන් Youtube එකේ view count කරනවා වගේ අපි ඉස්සර බැලුවෙ blog එකට එන visitors ලා ගාන. ඔය දකුණු පැත්තෙ පොඩි widget එකක් තියෙන්නෙ ඒක බලන්න. 😂😂 ඕකෙ count එක වැඩි වෙද්දි අපිට දැනෙන ආතල් එක නම් මොනවා කරත් ගන්න බෑ. 

ඉතින් ඉදලා හිටලවත් කට්ටිය Blog ටික ආයෙ update කරොත් හොදයි කියලා හිතෙනවා.


කට්ටිය එහෙනම් බ්ලොග් එක update කරලා මේකටත් comment එකක් දාගෙන යන්න.

මගේ youtube එකයි podcast එකයි අනිත් social link ටිකයි බලන්න www.kasunindika.com ගිහින් බලන්න.

Podcast Directory - https://podcasts.lk/

 

Next
This is the most recent post.
Previous
Older Post

0 ප්‍රතිචාර :