2009/10/10


ඔන්න අදත් ඉතින් ලියන්න හදන්නේ පොඩි මෘදුකාංගයක් ගැන. ඇත්තටම මේක මෘදුකාංගයක් කීවට ‍පොඩි Exe ගොණුවක්. ඒත් මෙමගින් කරන වැඩේ කම් ගොඩක් වැදගත්.

අපිට තියන ලොකු ප්‍රෂ්නයක් තමා පරිගණකය ලෝඩි වීමට ගතවන කාලය වැඩි වීම.ලගදි  ටෙක්කතා වැඩසටහනකත් මේ ගැන ප්‍රෂ්නයකුත් අහල තිබුනා. ඇත්තටම මේක ප්‍රයෝජනවත් නිසයි ලියන්න හිතුනේ.

මෙම මෘදුකාංගය මගින් අපගේ පරිගනයේ වින්ඩෝස් ලෝඩි වීමේදී ඉබේ ක්‍රියාත්මක වන services, programs ආදිය බලා ගත හැකියි. හැබැයි මෙහිතිබෙන userinit.exe  වැඩසටහනට නම් මුකුත් කරන්න යන්න එපා. එහෙම වුනොත් වින්ඩෝස් ලොගෝන් ස්ක්‍රීන් එකින් එහාට යන්න බැරිවෙයි. වින්ඩෝස් වලට අවශ්‍ය service නම් පෙන්නවන්නේ නෑ මෙතන. ඒවා අවශ්‍ය නම් RUN එකෙහි msconfig ලෙස type කර බලා ගන්න පුළුවන්. තවද අපට අවශ්‍ය නැති දේවල් තිබෙනවා නම් ඉබේ ක්‍රියාත්මක වීම නවත්තන්නත් හැකියාවක් තියනවා. උත්සහ කරලා බලන්න. භාගත කිරීමට මෙතන ඔබන්න.

1 ප්‍රතිචාර :

Akhila said...

හොඳ tool එකක්
userinit වලින් වෙන දේ කිව්වට ස්තුතියි