2010/08/03

ගොඩක් කාලෙකට‍ පස්සේ ආයෙත් පොස්‍ට් එකක් දාන්නයි හදන්නේ. අද කියන්න හදන්නේ මට ගොඩක්ම වැදගත් වුන Firefox addone එකක් ගැන.  ඒ තමා xmark. ඇත්තටම Xmark කියන්නේ bookmark addone එකක්. මෙමගින් අපේ browser එකේ තියන bookmarks ටික xmarkserver එකට  upload  කිරීම සිදුවෙනවා. මම මේක භාවිතයට පුරැදු වුනේ මගේ පරිගනය format කරද්දි මට හැමදාම අමතක වෙනවා bookmark back up ගන්න. ඉතින් මම ගොඩක් වෙලාවට කරන්නේ book mark දා ගන්නේ නැතුව notepad එකකට මේ link ටික copy කරන එකයි. ඒත් ඉතින් මේක මට යන යන තැන pen driver එකේ දාගෙන යන එක කරදරයක් වුනා. මොකද අනිත් pc වලට ගහද්දි එවාගේ මොන වෛරස් තියනවද දන්නේ නෑනේ.

මට මේ bookmark addone හොයන්න හිතුනේ, google chrome වල inbuilt මේ පහසුකම තියනවා දැකලා. මම පෞද්ගලිකව පාවිච්චි කරන්න කැමති firefox. ඉතින් ඒ නිසා මම book mark addone හොයද්දි තමා මේ Addone එක හම්බුනේ. Book mark addone සෑහෙන ප්‍රමානයක් තිබුනත්, මේක තමා මට මුලින්ම හම්බුනේ. ඉතින් ඒ නිසා අනිත් ඒවා නම් දාලා බැළුවේ නෑ. මීට වඩා හොද ඒවා තියනවනම් comment කරන්නකෝ.

අපි මුලින්ම මේ Xmark site එකේ register වෙන්න ඕන. ඊට පස්සේ මෙ addone එකෙන් username, password දීලා පේ account එකට ලොග් වෙන්න ඕන. ඊට පස්සේ අපිට පුළුවන් Book mark backup, restore, sync කරන්න. මේකේ තියන මම කැමතිම දේ තමා online bookmark sync වෙන එක. ඒ කියන්නේ අපි browser එකේ book mark එකක් දැම්මහම automatically xmark server එකේ update වෙනවා. ඒ වගේම මෙහි book mark වෙන වෙනම category කිරීමේ හැකියාවක්ද තිබෙනවා . මෙ ම addone එක firefox, IE, safari, chrome සදහා සහය දක්වනවා. උත්සහ කරලා බලන්න xmark.

5 ප්‍රතිචාර :

Thameera said...

මෙච්චර කාලෙකට bookmark syncing try කරල තිබ්බෙ නෑ, මේක දාල බලන්න ඕන

uniquehiru said...

Try Firefox Sync Add-on, its so useful
http://www.mozilla.com/en-US/firefox/sync/

Chrishi said...

meken aith restore karaddi ahanawa mulinma sync karanna one mokakda kiyala eka waradila mage gawa thibba okkoma bookmarks nathuwa giya. so restore karaddi parissamin

කසුන් said...

@Chrishi
මුලින්ම setup Wizard එක run කරද්දි
"Merge data on server with data on this computer" දැම්මානම් හරි.

Madhawa Habarakada said...

මට නම් ඉතින් chrome bookmark sync තමා. ඒක මාරම පහසුයි, කාලෙන් කාලෙට මම ඒ bookmarks ටික export කරල පෙන් එකේ තියාගන්නව පහසුවට, සහ මගෙ Firefox එකටත් import කරනවා.
මාරම ලේසී. :)