2009/10/02


                    ඔන්න එහෙනම් අදත් ලියන්න යන්නේ අපට වැදගත් මෘදුකාංගයක් ගැන. මේ මෘදුකාංගය අදාල Firefox වලට. 2009 අගොස්තු සංගනනයක දැක්වෙන්නේ Firefox භාවිතය 25.69 ලෙසයි. මම නම් දැන අවුරැදු 2 විතර ඉදලා තමයි Firefox පාවිච්චි කරන්නේ. මට තිබ්බ ගැට‍ළුවක් තමයි Firefox වලට Memory usage එක ගොඩක් යන එක.
          ඇත්තටම Firefox වැඩකරද්දි කොම්පියුටර් එක පොඩ්ඩක් විතර ස්ලෝ වෙනවා. ඉතින් මේකට පිළියමක් හොයන්න අදහසක් තිබ්බෙත් නෑ. එත් දවසක් අහම්බෙන් වගේ මට වෙබ් අඩවියක තිබිලා හම්බුනා Firefox Ultimate Optimizer කියලා මෘදුකාංගයක්. මෙම මෘදුකාංගය මගින් Firefox වලට යන Memory usage එක ගොඩක් අඩු කරනවා. මේ පින්තූර දෙක දැක්කාම ඔගොල්ලොන්ට තේරෙයි. මේ පින්තූර මම මගේ පරිඝණකයෙන්ම Print Screen ගහලා save කරගත්ත පින්තූර. මේ මෘදුකාංගය නොමිලයේ ලබා දෙන මෘදුකාංගයක්. ඇත්තටම මේ මෘදුකාංගය මගින් කොහොම Memory usage එක අඩු කරනවද කියල නම් මම දන්නේ නෑ. එක් ඉතින් ධනිෂ්ක අයියගේන් තමා අහන්න වෙන්නේ. දන්න කවුරැ හරි ඉන්නවනම් ප්රතිචාර දාන්නකෝ. ඕගොල්ලොත් අරන් බලන්නකෝ. ආ තව දෙයක් කියන්න බැරි උනානේ. මේ මෘදුකාංගය වැඩ කරන්න .NET Framework 2.0 ස්ථාපනය කර තියෙන්න ඕන. Firefox Ultimate Optimizer

5 ප්‍රතිචාර :

Anonymous said...

softonic.com

In our tests, we found downloads on this site that some people consider adware, spyware or other potentially unwanted programs.

http://www.siteadvisor.com/sites/softonic.com?ref=safesearch&aff_id=0&premium=false&suite=true&client_ver=2.9.258&locale=en-US

චතුරංග රූපසිංහ said...
This comment has been removed by a blog administrator.
චතුරංග රූපසිංහ said...

flock walata maaruwenna firefox wageemay eth leda aduy

චතුරංග රූපසිංහ said...
This comment has been removed by a blog administrator.
කසුන් said...

@චතුරංග
ඔව් මම flock පාවිච්චි කරලා තියනවා. එත් එච්චර හිතට ඇල්ලුවේ නෑ. Addone එහෙමත් අඩුයි නේද? අනික ලෝඩ් වෙන්න ටිකක් වෙලා යනවා නේද?