ඔන්න එහෙනම් අළුත් අවුරැද්දේ ලියන පලමු ලිපිය.මට බ්ලොග් එක හැමදාම ලියන්න ආස හිතුනත් මට ලියන්න දෙයක් එන්නෙම නෑ. අනික මට තේරෙන්නේ නෑ ලිපියක් සිංහලින් දීර්ඝව විස්තර කරන්න. මගේ පරණ ලිපි දැක්කාම තේරෙනවා ඇති එක ලිපියක් වත් දීර්ඝව ලියා නැති බව. මාර වැඩේ කියන්නේ බලං ගියාම මම සිංහල දන්නෙත් නෑ ඉංග්රීසි දන්නෙත් නෑ.:) අද ලියන්න යන්නේ අළුත් අවුරැද්දේ වෙච්ච දෙයක් ගැන

ඉතින් දන්න කියන කට්ටියගෙන්ම ඇහුවා ඒත් විකල්පයක් නෑ. ඔක්කොම කියන්නේ phpmyadmin වලින් backup ගන්න කියලා. ඒක මට කලින් කරන්න පුළුවන් කම තිබුනත් මම ඒක නොකර හිටියේ phpmyadmin backup එක restore වෙන්න පැය 2 විතර යන නිසා. ඊට පස්සේ අපේ කාලිංග අයියගේ පිහිට පැතුවා. facebook වලින් ගැහුවා messeage එකක්. එත් reply එකක් නෑ. ඊට පස්සේ තියන එකම විකල්පය වන phpmyadminමගින් backup එක ගත්තා. ඊට පස්සේ ඒක restore කරන්න ගත්තා වෙන computer එකකට. ඒ අතරේ මම පටන් ගත්තා server එක format කරන්න. පස්සේ server එක format කරලා ඉවර කරද්දිත් අනිත් PC එකේ backup එක තාමත් restore වෙනවා.
ඊට පස්සේ server එකට අවශ්‍ය software ටික දාලා. ඒකටත් backup එක restore වෙන්න දැම්මා. මේ වෙනකොට වෙලාව රෑ 11.00 විතර ඇති. ඉතින් ඔන්න දැන් PC එකෙයි server එකෙයි තරගෙට වගේ backup එක restore වෙනවා. Server එකේ performance වැඩි නිසා server එකට ඉක්මනට (ඉක්මනට කීවට පැය 1.30 විතර ගියා) backup එක restore වුනා. ඊට පස්සේ තමා ඇගට ලේ ටිකක් ඉනුවේ. ඊට පස්සේ මුලින්ම කලේ windows file sharing කියන option එක අයින් කරන එක. Server එකට වෛරස් ආවේ shared නිසයි. දැනට නම් අවුලත් නෑ. තව දෙයක් කියන්න ඕන, කාලිංග අයියා පහුවදා මට එවලා තිබ්බා mysqldump එකක් remote pc එකකින් ගන්න විදිය. ඒ tool එක තමා sqlyog community edition. මම මේක ගැන කලින් දැනගෙන හිටියනම් විනාඩි 2 backup අරගෙන restore ත් කරනවා. දැන් නම් කාලිංග අයියාට පින්සිද්දවෙන්න mysql back ගැන නම් බය වෙන්න දෙයක් නෑ.
ඔන්න ඔහොමයි මගේ අළුත් අවුරාද්ද පටන් ගත්තේ.
1 ප්‍රතිචාර :
අලුත් year එකට ජයවේවා!!!
nice dump in mysql ;)
Post a Comment