2010/01/24



           ඔන්න එහෙනම් අළුත් අවුරැද්දේ ලියන පලමු ලිපිය.මට බ්ලොග් එක හැමදාම ලියන්න ආස හිතුනත් මට ලියන්න දෙයක් එන්නෙම නෑ. අනික මට තේරෙන්නේ නෑ ලිපියක් සිංහලින් දීර්ඝව විස්තර කරන්න. මගේ පරණ ලිපි දැක්කාම තේරෙනවා ඇති එක ලිපියක් වත් දීර්ඝව ලියා නැති බව. මාර වැඩේ කියන්නේ බලං ගියාම මම සිංහල දන්නෙත් නෑ ඉංග්රීසි දන්නෙත් නෑ.:) අද ලියන්න යන්නේ අළුත් අවුරැද්දේ වෙච්ච දෙයක් ගැන


       ගිය දවස් ටිකේ නම් මම ෆුල් බිසි වෙලා හිටියේ. අපේ තියෙන්නේ HP ml110 කියන server එකක්. එකේ windows 2003 දාලා IIS, PHP, Mysql දාලා web server එකක් විදියටයි වැඩ කරන්නේ. මොකද අපේ වැඩ කරන package එක වැඩ කරන්නේ webbase. ඉතින්  Mysql backup එක ගන්න විදියක් නැතිව තමා මාර කට්ටක් කෑවේ. වෛරස් එක නිසා cmd එක වැඩ කරන්නේ නැතුව ගියා. කියන්නේ cmd ඕපන් කරලා තත්පර 3-4 නික් close වෙලා යනවා. Mysql backup එක ගන්නේ mysqldump කියන exe ෆයිල් එකෙන්. ඒක වැඩකරන්නේ cmd එකේ. ඉතින් dump එක ගහලා තත්පර 3-4 යද්දි close වෙනවා.ඊට පස්සේ ක්රමයක් හෙව්වා cmd එක ගොඩ දාගන්න, ඒකත් බැරිවුනා, ඊට පස‍්සේ හෙව්වා remote PC එකක ඉදන් Mysqldump එකක් ගහන tool එකක්. ඒත් හදිසියයි බයයි නිසා මුකුත් කරගන්න බැරිවුනා.

ඉතින් දන්න කියන කට්ටියගෙන්ම ඇහුවා ඒත් විකල්පයක් නෑ. ඔක්කොම කියන්නේ phpmyadmin වලින් backup ගන්න කියලා. ඒක මට කලින් කරන්න පුළුවන් කම තිබුනත් මම ඒක නොකර හිටියේ phpmyadmin backup එක restore වෙන්න පැය 2 විතර යන නිසා.   ඊට පස්සේ අපේ කාලිංග අයියගේ පිහිට පැතුවා. facebook වලින් ගැහුවා messeage එකක්. එත් reply එකක් නෑ. ඊට පස්සේ තියන එකම විකල්පය වන phpmyadminමගින්  backup එක ගත්තා. ඊට පස්සේ ඒක restore කරන්න ගත්තා වෙන computer එකකට. අතරේ මම පටන් ගත්තා server එක format කරන්න. පස්සේ server එක format කරලා ඉවර කරද්දිත් අනිත් PC එකේ backup එක තාමත් restore වෙනවා.






ඊට පස්සේ  server එකට අවශ්‍ය software ටික දාලා. ඒකටත් backup එක restore වෙන්න දැම්මා. මේ වෙනකොට වෙලාව රෑ 11.00 විතර ඇති.  ඉතින් ඔන්න දැන් PC එකෙයි server එකෙයි තරගෙට වගේ backup එක restore වෙනවා. Server එකේ performance වැඩි නිසා server එකට ඉක්මනට (ඉක්මනට කීවට පැය 1.30 විතර  ගියා) backup එක restore වුනා. ඊට පස්සේ තමා ඇගට ලේ ටිකක් ඉනුවේ. ඊට පස්සේ මුලින්ම කලේ windows file sharing කියන option එක අයින් කරන එක. Server එකට වෛරස් ආවේ shared නිසයි. දැනට නම් අවුලත් නෑ. තව දෙයක් කියන්න ඕන, කාලිංග අයියා පහුවදා මට එවලා තිබ්බා mysqldump එකක් remote pc එකකින් ගන්න විදිය.  ඒ tool එක තමා sqlyog community edition. මම මේක ගැන කලින් දැනගෙන හිටියනම් විනාඩි 2 backup අරගෙන restore ත් කරනවා. දැන් නම් කාලිංග අයියාට පින්සිද්දවෙන්න mysql back ගැන නම් බය වෙන්න දෙයක් නෑ.


ඔන්න ඔහොමයි මගේ අළුත් අවුරාද්ද පටන් ගත්තේ.

1 ප්‍රතිචාර :

Madhuka said...

අලුත් year එකට ජයවේවා!!! :) nice dump in mysql ;)