2009/08/28

ඔන්න එහෙනම් අදත් ‍පොඩ් මෘදුකාංගයක් ගැන කියන්නයි යන්නේ . ‍කවුරැත් දන්නවනේ Chat ගැන. Chat ගැන කතාකරද්දි ගොඩක් කට්ටිය දන්නවා yahoo messenger, google talk, skype, Msn massager වගේ නානාප්රකාර chat මෘදුකාංග ගැන. අපි හිතමු අපේ යාළුවෝ YAHOO වලයි, google වලයි, MSN වලයි ඉන්නවා කියලා එතකොට අපි yahoo messenger, google talk, MSN messenger යන මෘදුකාංග තුනම ස්ථාපනය කර ති‍යෙන්න ඕන. මේ ගැටළුව මගහරින්න තමා නොමිලයේ ලබා දෙන Pidjin කියන මෘදුකාංගය නිෂ්පාදනය කරලා තියෙන්නේ. මෙම මෘදෘකාංගය මගින් විවිධ chat Room වල sing in කරන්න පුළුවන්. ඒ කියන්නේ yahoo, google, msn කියන තුනේම ඉන්න යාළුවන් සමග අපට කතා කරන්න පුළුවන්. මෙමගින් AIM, Bonjour, Gadu-Gadu, Google Talk, Groupwise, ICQ, IRC, MSN, MySpaceIM, QQ, SILC, SIMPLE, Sametime, XMPP, Yahoo!, Zephyr කියන හැම chat එකක් එක්කම සම්බන්ද වෙන්න පුළුවන්.
ඇත්තම කියනවනම් මම ලියන්න ලෑස්ති වුනේ මට අද හම්බුනා Pidjin වලට Facebook chat pluging එක්ක. ඇත්තටම මට කියන්න ඕන වුනේ ඒක. ඒත් Pidjin ගැන දන්නේ නැති කවුරැ හරි හිටියොත් එගොල්ලන්ට දැනගන්නත් එක්කයි ලිව්වේ. මෙතන සදහන් කර නැති සමහර chat room වල pluging Pidjin වෙබ් අඩවියෙන් නොමිලයේම Download ගැනීමේ හැකියාව තියනවා.

0 ප්‍රතිචාර :