2014/02/05

ඔන්න ඉතින් සෑහෙන කාලෙකට පස්සේ මට ලිපියක් ලියන්න හිතුනා. දැන් වෙලාව රෑ 10.31. නින්ද යන්නෙත් නැති නිසා ඔන්න මම මේක ලියන්න ගත්තා. ඉතින් මම මේ කියන්න හදන්නේ අපි කාටත් වැදගත් වන addone එකක් එහෙමනැත්තම් extension එකක් ගැන. එ

මේ tool එකේ නම තමයි wappalyzer. මේ tool එක firefox සහ google chrome වලට පමනක් සහය දක්වනවා. මේ tool එක ගොඩක් වැදගත් වෙයි web development කරන කට්ටියට නම්. දැනට ලෝකයේ ගොඩක් වෙබ් සයිට් තියනවා. Php, asp, jsp, html, perl, python වගේ නානාප්‍රකාර භාශා වලින් වෙබ්සයිට් හදන්න පුළුවන්. ඒවගේම තමා joomla, wordpress, drupal, osclass, lifefray වගේ CMS වලින් හදපු සයිටුත් ඔන තරම් තියනවා.

මේ tool එක මගින් පුළුවන් සයිට් එකක් හදලා තියන CMS එක එහෙම නැත්තම් ඒ සයිට් එකට පාවිච්චි කරලා තියන technology ගැන බලාගන්න. ඒකියන්නේ jquery, flash, mysql, php, framework, google api, google map වගේ දේවල්. ඉතින් අපිට හරිම පහසුවෙන් සයිට් එක හදලා තියන භාෂාව එහෙම නැත්තම් CMS එකේ නම බලා ගන්න පුළුවන්. මම මේ tool එක හම්බෙන්න කලින් කලේ සයිට් එකේ source එක බලලා එකෙ තියන keyword වලින් ඒ සයිට් එකේ විස්තර බලපු එක. ඔගොල්ලොත් මේ tool එක දාගෙනම කියන්නකෝ එහෙනම්. පහලින් දාලා තියනවා screenshot  ටිකක්. ඒ ටික බැලුවාම තේරුම් ගන්න ලෙසිවෙයි. ලගදීම තවත් ලිපියක් ලියන බලාපොරොත්තුවෙන් මම නවතිනවා.



















1 ප්‍රතිචාර :

Nadun Ranaweera said...

හොද ලිපියක් , මමත් හදලා තියෙන්නේ කොහොමද බලන්නේ source එකෙන් තමයි