2007/11/18


මම පහුගිය දිනක කරපු දෙයක් මතක් වුනා. ඒක ඔයාලටත් වැදගත් වෙයි කියලා හිතුන නිසයි මේක ලියන්න හිතුනේ. මම පාවිච්චි කරන්නේ Laser Mouse එකක්. දැන් ඉතින් ගොඩක් අය පාවිච්චි කරන්නේ Laser Mouse නේ. ඉතින් මේ මවුස් එක අරන් මාස 6 විතර ගියාට පස්සේ මවුස් එක හොල්ලන්නෙ නැතුව තියෙද්දි Cursor එක නලියන්න ගත්තා‍. මම ඉතින් Photo Edit කරන්න ගියාම හරියට Select වෙන්නේ නෑ. හැබැයි මවුස් එක ගත්ත දවසට වඩා එකේ බල්බ් එකේ එලිය අඩුවෙලයි තිබුනේ. පස්සේ මම බැරිම තැන ගත්තා අලුත් මවුස් එකක්. ඉතින් පරන මවුස් එකට මොකද වුනේ කියල බලන්න මට ඕන වුනා. මම කලින් කිව්වේ බල්බ් එකේ එළිය අඩු වෙලා තිබුනෙ කියලා. ඉතින් මම හිතුවා ඒ බල්බ් එකේ අවුලක් ඇති කියලා. මම මවුස් එක ගලවලා බල්බ් එක තිබුන තැනට ඒ වගේම බල්බ් එකක් සවිකලා. හැබැයි ඒ බල්බ් එක තිබ්බ එකට වඩා එලියයි. මෙන්න බොලේ මවුස් එක තිබ්බටත් වඩා හොදට වඩා කරනවා. ඔයාලත් මවුස් එක විසි කරන්න කලින් මේකක් කරලා බලන්න. සමරවිට හරියයි

1 ප්‍රතිචාර :

Sarath2u said...

moues repair karanath gathathada..ah...