2007/11/17


මොකද්ද මේ හයිබර්නේට්? මම ඩික්ෂනරියෙනුත් බැලුවා. ඒකෙ නම් තිබ්බේ ශිශිරතරණය කරනවා. මොකද්ද මේ හයිබර්නේට් එකෙන් වෙන්නේ? මේ පහසුකම හැම Windows XP Version එකකම ලබා දීල තියනවා. මේකෙ තියන පහසුකම තමයි හයිබර්නේට් කරන වෙලේ ඕපන් කරල තියන සෑම ඩොකියුමන්ට් එකක්ම ඒ විදියටම සේව්වෙනවා. අපි කියමු ‍ෙපාටෝ ෂොප්, කොරල් ඩ්‍රෝ, පේජ් මේකර් වගේ මෘදුකාංග කිහිපයක වැඩ කරනවා කියලා. මේ මෘදුකාංග ඇරෙන්න සාමාන්‍යයෙන් අනිත් මෘදුකාංග වලට වඩා වැඩි වෙලාවක් ගන්නවා. අපි පරිගණකයේ වැඩ කරලා ක්‍රියා විරහිත කරලා පසුව අයෙත් පරිගණකය ක්‍රියාත්මක කරන්න උනොත්. ආයෙත් ‍පොටෝ ෂොප්, කොරල් ඩ්‍රෝ, පේජ් මේකර් අරින්න උනොත් ආයෙත් වැඩි වෙලාවක් ගත වෙනවා. මේ කාලය අපිට ඉතිරිකරගන්න පුළුවන් හයිබර්නේට් කියන පහසුකම නිසා. එතකොට නැවත මෘදුකාංග විවෘත කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඒවා තිබුනු විදියටම එහෙම්මම තියනවා. ආ හයිබර්නේට් ගැන කිව්වට කරන හැටි කිව්වේ නෑනෙ. මෙන්න පාත් එකStart --- Control Penal--- Performance and Maintenance---Power Option කියන ඩයලොග් බොක්ස් Hibernate කියන Tabඑකේ Enable Hibernate කියන check box එකට ටික් එකක් දාන්න. හැබැයි ඒකට 100mb විතර Free space එකක් තියෙන්න ඕන. හයිබර්නේට් කරන්නේ සාමාන්‍යයෙන් අපි පරිගණකය off කරන විදියටමයි. start----- Turn Off ගියාම වැටෙන්නේ Turn Off, Stand By, Re start කියලනේ. අපි එතකොට Shift Button එක් ඔබන්න ඕන. එතකොට Stand By කියන Option එක Hibernate කියන Option එක බවට හරෙනවා.

0 ප්‍රතිචාර :