2007/11/16

සිංහල යුනිකෝඩ් වලට පින් සිද්ධ වෙන්න ඔන්න මාත් හා හා පුරා කියල මාත් පටන් ගත්තා බ්ලොග් එකක් ලියන්න. ආ! මුලින්ම ඔයාලටම මම ගැන කියන්න ඒපැයි නේද. මම කසුන් ඉන්දික. වයස 19. ඉන්නේ මහව කියන ගමේ. දැන්නම් ඉතින් ගම කියන්න බෑ. මොකද කියනවනම් දැන් නාගරිකකරණය වෙලා තියෙන්නේ. ඔයාලා දන්නවනේ යාපහුව. යාපහුව තියෙන්නේ මහව තමා. ගොඩක් අය දන්නේ නෑ මහව කියන්නේ කොහෙද කියලා.
මම දැනට වෘත්තියක් විධියට කරන්නේ Type setting කරනවා. Photo Editing, Video Editing, Computer Repairing වගේ ඒවත් කරනවා. හැබැයි ඉතින් වෘත්තිය මට්ටමෙන් නම් නෙම්. විනෝදාංශයක් විධියට. අනිත් අය බ්ලොග් Upload කරන්න මොන ක්‍රම පාවිච්චි කරනවද දන්නේ නෑ. මම නම් පාවිච්චි කරන්නේ City Link දුරකථනයක්. වේගයනම් ටිකක් මදි තමා. එත් ඉතින් මොනවා කරන්නද. මම පාවිච්චි කරන්නේ කම් Internet Explore. Opera, Mosilla Fire Fox, Safari කියන ඒවත් පාවිච්චි කරලා තියනවා. ඒ වුනාට මට හිතට ඇල්ලුවේ Internet Explore තමයි. ම් , Mosilla Fire Fox වලත් වැරැද්දක් කියන්න නෑ.
ආ තව එකක් කියන්න ඕන. මේ පැත්තෙන් බ්ලොග් එකක් ලියන එකම එක්කනා මම වෙන්න ඕන. මේ පැත්තේ කට්ටිය අන්තර්ජාලය භාවිතා කරනවා හරිම අඩුයි. අනිත් එක මම අවුරැදු දෙකක් විතර අන්තර්ජාලය පාවිච්චි කරලත් සිංහල බ්ලොග් ගැන දැනගත්තේ මේ ලගදිනේ.
සිංහල යුනිකොඩ් ටයිප් කරන එක එච්චර අමාරැ නෑ මොකද මම වෘත්තියෙන් Typist කෙනෙක් නිසා. ඒත් ඉතින් පොඩි පො‍ඩි පොඩි අකුරැ නම් වෙනස්. මම කලින් කිව්වේ සිංහල වල පොඩි ප්‍රෂ්නයක් ආවා කියලා. ඒක දැන් හරි. මම මේ බ්ලොග් ලිවිල්ල ගැන දැනගත්තේ දැන් මාසෙකට විතර උඩදී. ඒ උනාට මම අවුරැදු දෙකක් විතර අන්තර්ජාලය පාවිච්චි කලා.
මම මුලින්ම දැක්කේ "මලින්තගේ සටහන" කියන බ්ලොග් එක. ඊට පස්සේ තමයි "ආදරණීය අඩවිය, වෙබ් ආලෝචනා" වගේ ඒවා දැක්කේ. ඉතින් මටත් හිතුනා ලියන්න. එහෙනම් ඔයාලා බලාගෙන ඉන්න මම හැම අංශෙකින්ම දැනුම ඔයාලට දෙන්න බලා පොරොත්තු වෙනවා.
Next
Newer Post
Previous
This is the last post.

1 ප්‍රතිචාර :

Lankaspeaker said...

Nice Article.. Sharing Thoughts