2007/11/16








යාපහුව ඔයාල අහල තියනවා නේද යාපහුව ගැන. මම ඒ පැත්තේ ඉන්න නිසා මට හිතුනා යාපහුව ගැන පොඩ්ඩක් ලියන්න. යාපහුව ගොඩක්ම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ පඩි පෙල නිසා‍. පඩි පෙල ‍ෙදපැත්තේ ඉන්න සිංහයෝ දෙන්නත් ඒකට එක් හේතුවක්. මම අහල තියෙන විදිහට යාපහුවේ අවසානෙටම රජකම් කරල තියෙන්නේ පස්වන බුවනෙකබාහු රජතුමා.
මම ‍ඉතින් යාපහුව ල්‍රග හිටියට‍ වැඩිපුර ගිහිල්ලා නෑ. යාළුවෝ ටිකක් සෙට් උනාමනම් ඉතින් යනවා. යාපහුවේ ගල උඩ නම් ඉතින් එච්චර දෙයක් නෑ බලන්න. උඩ තියෙ‍න්නේ පරණ නටබුන් විතරයි. ආ තව එකක් කියන්න බැරි උනානේ. ඔය යාපහුව පඩි පෙල දකුණු පැත්තේ තියනවා උමගක්. එක කොහාට යනවද කියල නම් කවුරැවත් දන්නේ නෑ. සමහර

අය කියනවා ඒ උමගෙන් කයිකාවල පන්සලට යන්න් පුළුවන් කියලා. කයිකාවල කියන්නේ යාපහුවට පොඩ්ඩක් එහායින් තියන පන්සලක්. කවුද ඉතින් ඕවා දන්නේ. අපි ගිහින් නෑනේ උමග ඇතුලට. ඒත් ඉතින් සමහර කට්ටිය ආසයිනේ ඕක ඇතුලේ මොනවද තියෙන්නේ බලන්න. ඒක නිසා තමයි උමග ඇතුලට යන්න බැරිවෙන්න තාප්පයක් බැදලා තියෙන්න. කිව්වට මොකද මටත් පොඩි ආසාවක් තිබ්බ‍ා ඕකේ මොනවද තියෙන්නේ බලන්න.

0 ප්‍රතිචාර :