2010/05/17

මට හිතුනා මගේ බ්ලොග් ලිවිල්ල ගැන අතීතයට යන්න. ඇත්තටම මට බොලොග් එකක් ලියන්න හිතුනේ, මලින්තගේ සටහන දැකලා. ඒක හමුවුන හැටිත් මට මතකයි. ඒ දවස් වල මම පාවිච්චි කලේ lankabell CDMA දුරකථනයක්. තව SLT CDMA දුරකථනයකුත් පාවිච්චි කලා (ඒ lankabell එකේ බිල ගෙවලා නැති නිසා). දවසක් මම අන්තර්ජාලයේ සැරිසරද්දි මට හම්බුනා sinhala tamil kit software එක. මට හරියට මතන නෑ මොන සයිට් එකෙන්ද ගත්තේ කියලා.

ඉතින් මේක ස්ථාපනය කලාට පස්සේ අළුත් tool bar එකක් ආවා task bar එකට. අහම්බෙන් වගේ එකෙන් Sinhala කියන කී බොර්ඩ් එක සිලෙක්ට් කරගෙන type කරලා බැළුවා. මෙන්න බොලේ desktop එකේ folder එක rename කරන්න ගියාම ඒකේ සිංහලෙන් ටයිප් වෙනවා.  මාර ආතල් වැඩේ. ඊට පස්සේ මම කලේ මගේ desktop එකේ තිබ්බ icon වල නම් සිංහලෙන් දාන එක. ඉතින් ඊට පස්සේ මට මීටර් උනේ web browser එකේ සිංහලින් search කලොත් මොනව වෙයිද කියලා. ඉතින් මම එකත් කලා. සිංහල ටයිප් කරන එක මට අමාරැ වුනේ නෑ මට. ඒ මොකද කීවොත් මම ඒ දවස් වල වෘත්කීයක් විදියට කලේ type settings. ඉතින් කොහොමෙන් හරි මම search කරනකොට මට හම්බුනා මලින්ත‍ගේ සටහන.

ඕක දැක්කට පස්සේ තමා මට හිතුනේ ඇයි මටත් බ්ලොග් එකක් ලියන්න කියලා. ඉතින් මලින්තගේ ‍අඩවියෙන් තව ලින්ක් තිබ්බ නිසා ඒ හැම එකටම ගියා. මට මතක විදියට සුධාරකගේ අන්තර්ජාල සටහන, ආදරනීය, වෙබ් ආලෝචනා, රන්දුනු තමා මම දැනුවත්ව තිබුනු අඩවි. ඇත්තටම ඒ දවස් වල ‍දැන් වගේ බ්ලොග් කියවනයක් තිබ්බද කියලාවත් මම දන්නේ නෑ. ඉතින් කොහොමෙන් කොහොමෙන් හරි මම 2007 නොවැම්බර් 16 වන දින මගේ ප්‍රථම බ්ලොග් සටහන් ලිව්වා. එතකොට  මම කවුන්‍ටර් දාන හැටි එහෙම දන්නේ නෑ. මලින්තගෙන් අහලා තමා ඒ ගැජමැටික්සි දා ගත්තේ.

මා දන්නා ආකාරයට මේ වන විට සිංහල බ්ලොග් 800-900 පමන අන්තර්ජාලයේ තිබෙනවා. ඇත්තටම ගොඩක් සතුටුයි මෙම සිංහල බ්ලොග් වල දියුණුව දිහා බලනකොට. ඒත් මට තියන එකම දුක 2007 නොවැම්බර් 16 දින  පටන් මේ දක්වා ලියන බ්ලොග් එකේ ඇත්තේ post  42 පමන. ඇත්තටම දැන් මට බ්ලොග් එක ලියන්නේ නැති එකම හේතුව කම්මැලිකම. එක දිගට වචන ගලපල ගොඩක් ‍ලොකු post එකක් දාන්න හිතුවත් දාන්න දෙයක් නෑ. ඒකට හේතුව මට සිංහල අරහං වීම. පාසල් යන කාලයේ සිට මට එපාම කරපු විෂය වූයේ සිංහලය.

කෙසේවුවත් මට කියන්නට ඇත්තේ සිංහල බ්ලොග් කරණය හැකිතාක් දියුණු කරන ලෙසයි. ඒ සදහා මා හට කිරීමට හැකි සියළුම දේ කීරීමට මා බැදි සිටින්නෙමි

6 ප්‍රතිචාර :

Anonymous said...

එල ලිපිය මමත් ඔහොම තමා බ්ලොග් වලට අවේ මමත් ඉන්ටනෙට් ඉන්නකොට ඉස්සර edulanka කියලා වෙබ් තමයි මම යුනිකොඩ් ගත්තේ මාත් ඉනසටෝල් කරා ඒ මාස ගානකට පස්සේ තමයි දැන ගත්තේ (මම පෙස් බුක් යාලුවන්ගේ පොපයිල් වල දැකලා තිබුනා බ්ලොග් ස්පොට් කියලා සයිට් වගයක් නමුත් බ්ලොග් ගැන දන්නේ නැ) මම ඉස්සර එක එක දේවල් ගුගල් වල ගගහා බලනවා මම දවසක් ගැහුවා මොබිටෙල් කියලා එක සැරෙට වැටුනේ මොබිටෙල් බැනලා ලියන එල කතා සයිට් වගයක් මම ඉස්සෙල්ම ගියේ මලින්ත අයියගේ සයිට් තාමා ර්‍රට පසු කාලිංග අයියගේ එවාටත් ගියා මම නමුත් ඒ කලේ දන්නේ නැ කාලිංග, මලින්ත කියන්නේ කවුද කියලවත් පස්සේ තව දවසක් දැක්කා මනුෂාන් සයිබර් අවකාශය එයාගේ සයිට් තිබුන S.B.U ලංජනය උඩ ඔබලා තමයි S.B.U එකට ගියේ එත් මාස ගානකින් තමයි S.B.U ගැන දැන ගත්තේ අද මට සිංඩියකුත් තියෙනවා

ඔයාටත් හැමදාම බ්ලොග් ලියන්න ලැබෙන්න කියලා මම සුභ පතනවා

Praසන්ன said...

අතඅරින්න එපා. දිගටම යමු.

Unknown said...

sinhala blogger nisa english therum ganna bari ayata sinhalen IT pulish karana puluwan eken sinhala language eka thawath kalatak pawathinna. korean, chaina, kochchara diyunu unath ounge lanuage eka maru karanna.

Unknown said...

sinhala blogger nisa english therum ganna bari ayata sinhalen IT pulish karana puluwan eken sinhala language eka thawath kalatak pawathinna. korean, chaina, kochchara diyunu unath ounge lanuage eka maru karanna.

C0de BlUe said...

ඔව් එහෙනම් නම් දිගටම ලියමු හොඳේ !!!

mariya7833 said...

උබ මරන්න ඒපැයැ