2010/05/02


       ඔන්න හුග කාලෙකට පස්සේ ලිපියක් දාන්නයි හදන්නේ. ඇත්තටම මම කියන්න හදන්නේ Web site එකක් ගැන. මේ සයිට් එක වැදගත් වෙන්නේ මොබයිල් ෆෝන් වලට.මම මේ ලගදි ගත්ත‍ා ෆෝන් එකක් , ඉතින් ඕකට දාන්න application හොයනකොට තමා මේ සයිට් ඒක හම්බුනේ. සයිට් එක තමා www.getjar.com

   ගොඩක් දෙනෙක් මේක දන්නවා ඇති. ඒත් ඉතින් දන්නැති කට්ටියත් ඉන්නවානේ. මේ site එක මගින් විවිධ මොබයිල් ෆෝන් වර්ග වලට applications, games වගේ දේවල් download කරන්න පුළුවන්. මෙම site එකේ දකුණු කෙලවරේ තිබෙනවා මොබයිල් ෆෝන් මොඩල් එක තෝරන්න. ඊට පස්සේ පුළුවන් අපිට applications, games හොයලා බලන්න. හැබැයි Chinese ෆෝන් වලට තමා කේස් එක. මොකද  Chinese ෆෝන් මොඩල් එක මෙහි සදහන්‍ වෙන්නේ නෑ. හැබැයි ඒකටත් ක්‍රමයක් තියනවා, මොකද මගේ ෆෝන් එකත් Chinese එකක් නිසා මමත් ට්‍රයි කලා.

      Chinese ෆෝන් වලට හරියන්නේ jar කියන ‍ෆයිල් ‍ෆෝමැට් එක. කරන්න තියෙන්නේ මෙච්චරයි, Chinese ෆෝන් ඒකේ display size එ‍කට හරියන sony ericsson ෆෝන් එකක් සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ application download කරලා දාලා බලන්න. එතකොට වැඩේ හරි. හැබැයි හැම එකක්ම වැඩ කරනවා කියන්න අමාරැයි. ආහ් තව එකක් කියන්න ඕන අවශ්‍යය නම් මොබයිල් ‍එකෙන් m.getjar.com සයිට් එකට ගිහින් ෆෝන් එකටම application download කරන්න පුළුවන්. හැබැයි කලින් කීවාවගේ Chinese මොබයිල් එකෙන් නම් මේ වැඩේ කරන්න බෑ. මොකද කීවොත් මෙම සයිට් එක මගින් හදුන ගන්නවා ‍ෆෝන් මොඩල් එක. Chinese මොබයිල් එකෙන් ගියොත් වැටෙන්නේ වෙන model no එකක්. ඉතින් එතකොට ඒ download වෙන ඒවා අපේ මොබයිල් එකට ගැලපෙන්නේ නෑ. බලන්න ට්‍රයි කරලා www.getjar.com



4 ප්‍රතිචාර :

රොකියා | Udara said...

ඇයි බන් චයිනා ෆෝන් එකක් ගත්තෙ.

කසුන් said...

@රොකියා
චයිනා වුනාට මරැ ෆෝන් එක.GPRS/MMS තියනවා. opera mini, ebuddy වගේ application එහෙම හොදට වැඩ කරනවා. අනික ගානත් අඩුයි‍නේ. ඒකයි ගත්තේ

Anonymous said...

ඔය සයිට් මම දන්නවා ඕක එල ඕවගේ තව සයිට් තියෙනවා http://m.mygamma.com/n.php?nid=134&cid=18634 මේක බලන්නකෝ මේක කැටලොග් එකක්

Tutorialslk said...

mobile9 . com site එකත් phone වලට Application, games, themes.. තියනවා...